ආර්ථික මධ්‍යස්ථාන විවෘත වුවද - ලංගම හෙට සාමාන්‍ය පරිදි නැහැ
Monday, 24 May 2021 - 13:25 | Views - 1,963
දිවයින පුරා පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (24) පෙරවරුවේ විවෘත කෙරුණා.

ඒවා හෙට (25) දිනයේත් විවෘතව තැබෙන බවයි වෙළඳ අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේ.

ඒ අනුව, තඹුත්තේගම, දඹුල්ල, පෑලියගොඩ ඇතුළු දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා අද විවෘත කිරීමත් සමඟ එළවලු තොග වැඩි වශයෙන් පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පෑලියගොඩ - මැනිං වෙළඳපොල අද පෙරවරුවේ තොග වෙළඳාම සඳහා විවෘත කිරීමත් සමඟ එළවළු තොග වැඩි වශයෙන් ලැබුණු බවයි එහි වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ සඳහන් කළේ.

දිවයින පුරා පැනවූ සංචරණ සීමා අද දිනයේත් ක්‍රියාත්මක වන අතර නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය ද උපයෝගි කර ගනිමින් පොලීසිය විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා.  

දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා හෙට අලුයම 4 ට ලිහිල් කළ ද ශ්‍රී ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය නොවන බවයි එහි සභාපති කිංස්ලි රණවක කියා සිටියේ.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් දුම්රිය ගමන්වාර කිහිපයක් හෙට දිනයේදී ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර සඳහන් කළා.

මේ අතර, මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේදී ග්‍රාම නිලධාරි සහතිකය හෝ විශ්වවිද්‍යාල සහතිකය හෝ වෙනත් සහතික ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා.

එම කොමිසමේ සභාපති, මාහාචර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ රටේ පවතින කොවිඩ් අවදානම හේතුවෙන් සිසුන්ට මෙම සහනය ලබාදී ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top