හෙට ලිහිල් වන සංචරණ සීමාවේදී - ඔබ ක්‍රියා කළ යුතු ආකාරය
Monday, 24 May 2021 - 10:15 | Views - 3,645

මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හෙට එනම් (25) අඟහරුවාදා අලුයම 4ට ඉවත් කළ ද සාමාන්‍ය දිනයක් ලෙසට සංචරණ කටයුතු සිදු නොකරන ලෙසට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම්දෙනවා.අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලබාගැනීම සඳහා සංචරණ සීමා ඉවත් කරන බැවින් එම අවශ්‍ය ද්‍රව්‍ය තම නිවස හෝ නවාතැන ආසන්නයේම ස්ථානයකින් ලබාගන්නා ලෙසටයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.පසුගිය සිකුරාදා (21) රාත්‍රී 11 සිට දිවයින පුරා ක්‍රියාත්මක කළ සංචරණ සීමා හෙට (25) අඟහරුවාදා අලුයම 4ට තාවකාලිකව ලිහිල් කර එදිනම රාත්‍රී 11ට යළි පැනවීමට නියමිතයි.එහිදී සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් සිදු නොවන බව ද ඔහු පෙන්වා දෙනවා.සංචරණ සීමා ලිහිල් වන කාලය තුල විවෘතව තැබීමට ඉඩ ලැබෙන්නේ ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවිසැල් මෙන්ම ඉන්ධන පිරවුම්හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදෙන ආයතන පමණයි.එහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ එක් අයෙකුට පමණක් බවයි ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.මත්පැන් අළෙවිසල් විවෘතව තැබීමට සහ අත්‍යවශ්‍ය නොවන මහජන ඒකරාශී වීම් සඳහා ඉඩ නොලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.මීට අමතරම මැයි 28 සිකුරාදා දිනයේදී සංචරණ සීමා යළි ලිහිල් කළ විට ද මෙම නියමයන් එලෙසින්ම ක්‍රියාත්මකයි.29, 30 සති අන්තයේ සංචරණ සීමා පැනවීම පිළිබඳ 27 වනදා තත්වය සමාලෝචනය කිරීමෙන් පසු තීරණය කරන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.මේ අතර, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස හා වතු ආශ්‍රිතව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා අද දිනයේද ඩ්‍රෝන තාක්ෂණයෙන් මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
Share This Article