දිවයින පුරා සංචරණ සීමා අදත් ක්‍රියාත්මකයි
Monday, 24 May 2021 - 9:22 | Views - 562

දිවයින පුරා පැනවූ සංචරණ සීමා අද (24) දිනයේත් ක්‍රියාත්මකයි.
හෙට (25) අලුයම 4 ට සංචරණ සීමා කෙටි කාලසීමාවක් සඳහා ලිහිල් කළ ද එම කාලසීමාවේදී ජනතාව කටයුතු කළ යුත්තේ අත්‍යාවශ්‍ය ආහාර හෝ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ ප්‍රකාශ කළා.
එමෙන්ම, හෙට රාත්‍රී 11 ට යලි දිවයින පුරා පනවන සංචරණ සීමා ලබන 28 වන සිකුරාදා අලුයම 04 ට ලිහිල් කළ විටද, අත්‍යාවශ්‍ය සේවා සලසා ගැනීමට අදාළ නියමයන් එලෙසින්ම ක්‍රියාත්මක වනවා.
ආහාර හා ඖෂධ වැනි ජන ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයා ගැනීම සඳහා මෙහිදී අවස්ථාව හිමිවන අතර, ළඟම ඇති වෙලඳසැල් ඒ සඳහා යොදා ගන්නා ලෙසයි රජය ජනතාවට දැනුම් දෙන්නේ.
එමෙන්ම, ලබන 29 සහ 30 යන දිනවල එළඹෙන සති අන්තයේ සංචරණ සීමා පැනවීම පිළිබඳව 27 වනදා තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු තීරණය කෙරෙනු ඇති.
එසේම, අද (24) සහ හෙට (25) දිනයන් පෑලියගොඩ මැනිං වෙළඳපොළ තොග වෙළඳාම සඳහා විවෘත වනවා.
මේ අතර, නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 636 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර, එය දිනක් තුළ මෙතෙක් අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
Share This Article