අද පැනවෙන සංචරණ සීමාවෙන් පසු ඇරෙන වැහෙන තැන් මෙන්න
Friday, 21 May 2021 - 13:32 | Views - 946
මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැනවීම සිදුවන අතර එය ලබන (25) වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මකව පවතින බවයි සඳහන්.
අනතුරුව මැයි මස (25) වන අඟහරුවාදා රාත්‍රී 11.00 සිට (28) වන සිකුරාදා අලුයම 4.00 දක්වා නැවත සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
තවද සංචරණය ලිහිල් වන (25)වන දා ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව සාමාන්‍ය දෛනික කටයුතු සඳහා නිවසින් බැහැරට යා හැකි බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළා.
කෙසේ වෙතත් සංචරණ සීමා පනවා ඇති කාල සීමාවන් වලදීද ඔසුසැල් විවෘතව පවතින අතර අත්‍යාවශ්‍ය සේවා කටයුතු සඳහා සංචරණ සීමා පැනවීම බාධාවක් නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article