තම මව අඹුකමට ගත් නරුම මල්ලීට අයියගෙන් පාඩමක්
Friday, 21 May 2021 - 12:17 | Views - 753
අවුරුදු 85 ක් වයසැති වයෝවෘද්ධ මවට අතවර කළ ඇයගේ බාල පුතුට වැඩිමහල් සොහොයුරා විසින් මන්නයකින් කොටා ඇතැයි යක්කල පොලිසිය ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට  කරුණු වාර්තා කරමින් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

අතවරයට පත් මවගේ වැඩිමහල් පුතා සැකකරුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍ර රාජා මහතා නියම කර තිබෙනවා.

අතවරයට පත් මවගේ පුතුන් දෙදෙනාම අවිවාහකයන් බවත් තිදෙනාම ප්‍රදේශයේ පිහිටි නිවසක පදිංචිව සිටින බවත් පොලිසිය පවසයි.

මෙම මවගේ 51 හැවිරිදි බාල පුතා බීමත්ව නිවසට පැමිණ තම මව අඹුකමට ගන්නා බවත්, ඊට විරුද්ධ වූ මවගේ ලොකු පුතා මල්ලීට මන්නයකින් කොටා ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මව ශ්‍රවණාබාධිත තැනැත්තියක් බවත් බාල පුතු මව බියගන්වමින් අතවර කර ඇති බවත් මන්නා පහරින් තුවාල ලැබූ සැකකරු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන හෙයින් අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් සැරයන් ගුණසිරි අධිකරණය හමුවේ පවසා තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top