ප්‍රතිශක්තිකරණ එන්නත් ළමුන්ටත් දිය යුතුයි
Friday, 21 May 2021 - 11:25 | Views - 628
මේ වන විට මෙරට ළමුන් 1000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතව සිටින බව හා එයින් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඒ හේතුවෙන් වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කොරෝනා රෝගය සීග්‍රයෙන් පැතිරී යාමත් සමඟ ළමුන්ටත් එම රෝගය වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් මෙසේ එන්නත්කරණය මඟින් ප්‍රතිශක්තිකරණය ඇති කල යුතු බවයි වෛද්‍යවරයා වැඩිදුරටත්  සඳහන් කලේ.

රටවල් කිහිපයක් මේ වන විටත් ළමුන් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ආරම්භ කර ඇති බවත් ඉන්දියාවේ දැනට ඒ පිළිබඳව පර්යේෂණ කරමින් සිටින බවත් ඔහු මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටින්නේ ප්‍රතිශක්තිකරණය හරහා පමණක් රෝගය පාලනය කර ගැනීමට නොහැකි බවයි.

ඒ සඳහා ජනතාව වැඩි දැනුවත් භාවයකින් සහ හික්මීමකින් කටයුතු කරමින් ළමුන් රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top