දිස්ත්‍රික්ක 03 ක තවත් ග්‍රාම නිලධාරී වසම් 09 ක් අද උදෑසන හයේ සිට හුදෙකලා කෙරුණු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ පලාලි පොලිස් බල ප්‍රදේශයේ පලාලි උතුර ග්‍රාම නිලධාරී වසම මෙන්ම, මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා පොලිස් බල ප්‍රදේශයේ කල්මඩු ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරෙනවා.
මීට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ කිරිවැව, සෙවනගල, බහිරාව, හබරත්තවෙල, හබරුගල, මහගම සහ ඉදිකොලපැලැස්ස අද උදෑසන හයේ සිට හුදෙකලා කෙරෙනු ඇති.මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 16 ක් අද උදෑසන හයේ සිට හුදෙකලාභාවයෙන් නිදහස් කෙරෙනවා.ඒ අනුව කැස්බෑව දකුණ, මාකන්දන නැගෙනහිර, දම්පේ, බටකැත්තර උතුර, මඩපාත, හල්පිට, කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර, නිවුන්ගම, පොල්හේන, හොන්නත්තර දකුණ, හොන්නත්තර උතුර, දැල්තර නැගෙනහිර, දැල්තර බටහිර, නිවන්තිඩිය සහ මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන හයේ සිට හුදෙකලාභාවයෙන් නිදහස් කෙරුණා.මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසමද හුදෙකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ මගුල් පොකුණ ගම්මානය සහ වත්තල පොලිස් බල ප්‍රදේශයේ පල්ලියත්ත දකුණ ග්‍රාම නිලධාරී වසම අද උදෑසන හයේ සිට හුදෙකලාභාවයෙන් නිදහස් කෙරෙන ප්‍රදේශවලට අයත්.කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ වලල්ලාවිට දකුණ සහ මාකලන්දාව ග්‍රාම නිලධාරී වසම් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයේ උඩපොත හා කැන්දාව ග්‍රාම නිලධාරී වසම්ද අද උදෑසන හයේ සිට හුදෙකලාභාවයෙන් නිදහස් කෙරුණා.පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැදකිරිමැටියාන, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ නවමැදගම ග්‍රාම නිලධාරී වසමේ නවමැදගම කොටස, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ බටුවන්හේනද හුදෙකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.යාපනය දිස්ත්‍රික්කයේ කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයේ කොඩිකාමම් මධ්‍යම සහ කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලාභාවයෙන් නිදහස් කළ ප්‍රදේශවලට අයත්.මීට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුල්ලයාවෙලි පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් 11 ක් හැර අනෙකුත් ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන 6.30 සිට හුදෙකලාභාවයෙන් නිදහස් කෙරුණා. වැඩිදුර තොරතුරු පහතින්.



