වරාය නගර පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 89කින් සම්මත වෙයි
Thursday, 20 May 2021 - 16:48 | Views - 240

වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටූවිමට අදාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 148 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 59 ක්.
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව අදාල සංශෝධන ඊට එක් කරන බවයි එම පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.
අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ වරාය නගරයේ රැකියාවන්වලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීමට අවශ්‍ය රෙගුලාසිද එම පනතට ඇතුලත් කරන බවයි.
වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නීතිගත කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතේ විධිවිධාන 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එහි ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයකින් ජනතා අනුමැතියක්ද ලබා
ගත යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණ මතය වී තිබුණේ.
එම ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පෙරේදා (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
කෙසේවෙතත්, එම නිවේදනයේ දැක්වුණේ අදාල වගන්ති සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් අදාල පනත සම්මත
කරගත හැකි බවයි.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇති කරුණුවලට අනුකූලව අවශ්‍ය සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමටයි.
ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේ 2014 සැප්තෑම්බර් මස 17 වන දා කොළඹ වරාය නගරය සදහා මුල්ගල තැබුනේ චීන ජනාධිපති සී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.
කොළඹ වරාය හා ගාළු මුවදොරපිටිය අතර හෙක්ටයාර 233 ක මුහුද ගොඩකිරීමෙන් ඉදිවන එම වරාය නගර ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15ක්.
එය ශ්‍රී ලංකා මුදලින් බිලියන 3000කට ආසන්නයි.
යහපාලන රජයේ පළමු වසරේ මෙහි වැඩකටයුතු තාවකාලිකව නතර කෙරුණේ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තාවේ අඩුපාඩු ඇති බව ප්‍රකාශ කරමින්.
නමුත් ආණ්ඩු පෙරළියත් සමඟ එහි වැඩකටයුතු යළි ඇරඹුණා.
ඒ අනුව වත්මන් රජය කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මස 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ සමඟ එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 19 ක් ගොණු කෙරුණා.
පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ මතය පසුගිය 05දා කතානායකවරයාට භාර දී තිබුණා.වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටූවිමට අදාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 148 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 59 ක්.
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව අදාල සංශෝධන ඊට එක් කරන බවයි එම පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.
අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ වරාය නගරයේ රැකියාවන්වලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීමට අවශ්‍ය රෙගුලාසිද එම පනතට ඇතුලත් කරන බවයි.
වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නීතිගත කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතේ විධිවිධාන 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එහි ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයකින් ජනතා අනුමැතියක්ද ලබා
ගත යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණ මතය වී තිබුණේ.
එම ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පෙරේදා (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
කෙසේවෙතත්, එම නිවේදනයේ දැක්වුණේ අදාල වගන්ති සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් අදාල පනත සම්මත
කරගත හැකි බවයි.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇති කරුණුවලට අනුකූලව අවශ්‍ය සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමටයි.
ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේ 2014 සැප්තෑම්බර් මස 17 වන දා කොළඹ වරාය නගරය සදහා මුල්ගල තැබුනේ චීන ජනාධිපති සී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.
කොළඹ වරාය හා ගාළු මුවදොරපිටිය අතර හෙක්ටයාර 233 ක මුහුද ගොඩකිරීමෙන් ඉදිවන එම වරාය නගර ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15ක්.
එය ශ්‍රී ලංකා මුදලින් බිලියන 3000කට ආසන්නයි.
යහපාලන රජයේ පළමු වසරේ මෙහි වැඩකටයුතු තාවකාලිකව නතර කෙරුණේ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ ශක්‍යතා වාර්තාවේ අඩුපාඩු ඇති බව ප්‍රකාශ කරමින්.
නමුත් ආණ්ඩු පෙරළියත් සමඟ එහි වැඩකටයුතු යළි ඇරඹුණා.
ඒ අනුව වත්මන් රජය කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මස 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ සමඟ එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 19 ක් ගොණු කෙරුණා.
පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ මතය පසුගිය 05දා කතානායකවරයාට භාර දී තිබුණා.
Share This Article