ඉදිරි දින කිහිපයේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.
ඊට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වලටත් රාත්‍රී කාලයේදී හෝ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම උතුරු සහ වයඹ පළාත්වල සුළං තත්ත්වයේ වැඩිවීමක්ද අපේක්ෂා කෙරෙනවා.
ඊසානදිග බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශ තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසට කළ අවවාදය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.