අලුත් වූ ආසාදිත වාර්තාව - දෛනික ආසාදිතයින් 3600 ඉක්මවයි
Thursday, 20 May 2021 - 8:57 | Views - 2,920
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා.

ඒ අනුව කොරෝනා පළමු, දෙවන සහ තුන්වන රැල්ලේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසයි ඊයේ වාර්තා වූ ආසාදිතයින් හැදින්වෙන්නේ.

ඊයේ මෙරටින් ආසාදිතයින් 3623 දෙනෙකු හදුනා ගැනුණු අතර, ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 51,343ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 3591 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 32 නෙකු ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 27,925ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව එක්ලක්ෂ 22,363ක් .

මේ අතර, ඊයේ වාර්තා වූ මරණ 36ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගියා.

ඉන් මරණ 33කටම හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

අවුරුදු 27ත්, 96ත් අතර වයස්වල පසුවන්නන් මෙලෙස මිය ගොස් තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top