විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් භාර ගැනීම අනිද්දා සිට
Wednesday, 19 May 2021 - 16:26 | Views - 617
2020 සහ 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත් භාර ගැනීම මැයි මස 21 වන දා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ජුනි මස 11 වන දා දක්වා ඊට අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.
ඒ අනුව සිසුන් විසින් සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රයේ ඡායාපිටපතක් ගෙන අත්සන් තබා සහතික කොට ්චචකහ2020?මටජග්ජගකන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු වනවා.
Share This Article