ආසාදිත වූ අසරණ දෙමව්පියෝ (Video)
Wednesday, 19 May 2021 - 14:12 | Views - 259
මීට දින තුනකට පෙර වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහ මග දමාගොස් සිටි මහලු යුවළකට සිදුකළ කොවිඩ් පරීක්ෂණවලදී ඔවුන් දෙදෙනාටම කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ මැදිහත්ව ගිලන් රථවලින් ඔවුන් දෙදෙනා IDH රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

මෙම වයෝවෘද යුවලගේ දසුන මීට දින තුනකට පමණ පෙර නෙත ගැටෙන්නේ කොළඹ වැල්ලම්පිටිය නගරයේ මාර්ගයක් අභියස.

කඩපිලක් අසළ අසරණව වැතිර සිටි මෙම යුවල ඉංගිරිය පදිංචිකරුවන් බවයි පොලිසිය පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ.

කාත් කවුරුවත් නොමැතිව කුසගින්නේ කල්ගෙවූ මේ දෙදෙනා නාවා පිරිසිදු කර ඔවුන්ගේ කුස පුරවන්නට කටයුතු කළේ ඒ අවට සිටි හදවත් ඇති පිරිසක් විසින්.

කෙසේ වෙතත් මේ දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය දිනෙන් දින ක්ෂයවෙද්දී ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් IDH රෝහල වෙත රැගෙනගියා.

කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඉතිරී අතිශය කාර්යබහුල තත්වයක ඇති IDH රෝහල මේ අසරණ මා පිය යුවල අත්හැර දැමුවේ නෑ.

ඔවුන් සම්බන්ධයෙන් ප්‍රතිකාර කටයුතු ආරම්භ කළ අතරම කොවිඩ් 19 වැළඳී ඇත්දැයි සොයාබැලීම සඳහා PCR පරීක්ෂණයකටත් යොමුකෙරුණා.

ඉන් තහවුරු වී ඇත්තේ මේ දෙදෙනාටම කොවිඩ් 19 වැළඳී ඇති බවයි.

නිසි ප්‍රතිකාර නොමැතිව රෝගී තත්වයේ සිටි මේ දෙදෙනාගේ තත්වය අතිශය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර මෙම වයෝවෘද යුවල නාවා කවා පොවා උපකාර කිරීමට ඉදිරිපත් වූ කරුණා සිත් ඇති කිහිපදෙනා සොයා ඔවුන් නිරෝධායනය කිරීමටත් ගොතටුව සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ මේ දෙපලට කොවිඩ් 19 වැළඳී ඇති බව තහවුරු වීමෙන් අනතුරුවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top