රටම බලා සිටි පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මෙන්න
Wednesday, 19 May 2021 - 12:30 | Views - 7,988
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බවට ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනය ද තහවුරු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට තම ධුර කාලය තුළ නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට නීතිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
නීතිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම්දෙනු ලැබුවා.
අද ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර, පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, රාවුෆ් හකීම් සහ අමාත්‍ය අලි සබ්රිද මැදිහත්වුණා.
Share This Article