අවුරුදු 12 ඉක්මවූ දරුවන්ටත් එන්නත් දෙන්න විශේෂඥ වෛද්‍යවරු කියයි
Wednesday, 19 May 2021 - 9:20 | Views - 2,795
කොරෝනා අවදානම ඉහළ යාම නිසා වයස අවුරුදු 12 ඉක්ම වූ දරුවන්ටත් එන්නත ලබාදීම සුදුසු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ වර්තමානයේ පවතින්නේ කොරෝනා දෙවන රැල්ලේ දිගුවක් වන බැවින් තවත් මාස 4කින් පමණ තුන් වන රැල්ල පැමිණීමට ඉඩ ඇති බවයි.
විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මෙම අදහස් පළ කළේ හිරු ප්රවෘත්ති අංශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
Share This Article