විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් දහතුන් දෙනෙකු ආසාදිත වෙයි
Tuesday, 18 May 2021 - 16:22 | Views - 1,174
ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සේවයේ නියුතු විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් දහතුන් දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
තවද එම අංශයේම සහය කාර්ය මණ්ඩලයේද දෙදෙනෙකු ආසාදිතයන් බවට තහවුරු වී තිබෙන බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ලේකම් ධර්මකිර්ති ඈපා සඳහන් කළේ.
කෙසේ වෙතත් ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ ආසාදිතයන් අතරින් එක් හෙද නිළධාරිනියක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article