රජයේ සේවකයින්ගේ මැයි මස වැටුප ලබන සිකුරාදා
Tuesday, 18 May 2021 - 12:39 | Views - 2,368
රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර ලබාදීමට රජය තීරණ කර තිබෙනවා.
ඒ අනුව මේ මසට අදාළ වැටුප ලබන 21 වන සිකුරාදා ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
පවතින කොවිඩ් වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබාදී තිබීම ඊට හේතුවී තිබෙනවා.
Share This Article