මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
Tuesday, 18 May 2021 - 11:34 | Views - 240
කැළණිමුල්ල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (17) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය තවත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා අදාල සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අනතුරුව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි.
මොහුගෙන් ලද තොරතුරු මත හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවන් දෙදෙනකු කොච්චිකඩේ, රත්නම් මංසන්ධියේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
එම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 600ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 38,000ක මුදලක් ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
Share This Article