යලිත් දිවයිනටම සංචරණ සීමා - පැනවෙන දිනය මෙන්න (video)
Monday, 17 May 2021 - 17:48 | Views - 1,392
මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
නැවතත් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
දිවයින පුරා දැඩි ලෙස පැතිර යන කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වැළක්වීමේ පියවරක් ලෙසටයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ අනුව ලබන සිකුරාදා රාත්‍රී 11න් පසු හැඳුනුම්පතේ අංක පිළිවෙලට හෝ අවස්ථාව හිමි නොවනු ඇති.
Share This Article