දින තුනකට පසු ලිහිල් වුණු සංචරණ සීමාව
Monday, 17 May 2021 - 11:24 | Views - 523
දිවයින පුරා ඊයේ වන තෙක් පනවා තිබූ සංචරණ සීමා අද අලුයම හතරට ලිහිල් කරනු ලැබුවා.
ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුව නිවසින් බැහැරට යාමට අද සිට අවස්ථාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
අද දිනය 17 වනදා බැවින් නිවෙස්වලින් බැහැරව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් පමණයි.
එය උල්ලංඝනය කරමින් ගමන් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිවසින් බැහැරව යන පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් අංකයට අනුව පිටතට යාමේ නීතිය බලාත්මක නොවන බවයි සඳහන් වන්නේ.
Share This Article