එළඹෙන වෙසක් සමය වෙනුවෙන් සැකසෙන වෙසක් සැරසිලි සඳහා පොලිතින් ප්ලාස්ටික් නිෂ්පාදන යොදා නොගන්නා ලෙස පරිසර අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ, පරිසරයට මුදා හැරෙන පොලිතින් සහ ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින්.
පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වාර්ෂිකව මෙරටට පොලිතින්, ප්ලාස්ටික් ආනයනය සඳහා රුපියල් කෝටි 5800ක් පමණ වැය වන අතර එලෙස ආනයනය කෙරෙන පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 177,197ක් බවයි.
නමුත් ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාවක් ඇත්තේ ඉන් සියයට 71ක් හෙවත් ටොන් 12,636ක් පමණයි.
ඉතිරි සියයට 92.29ම පරිසරයට මුදා හැරෙන බවයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.