අදින් ඇරඹෙන ලෝක රිය අනතුරු නිවාරණ සතියට සමගාමීව රථ වාහන වැරදි සහ රිය අනතුරු පිළිබද මහජන තොරතුරු ලබා ගත හැකි ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
අද උදෑසන මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී එය හඳුන්වා දීම මේ වනවිට සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
ඒ අනුව ඊ - ට්‍රැෆික් පොලිස් ශ්‍රී ලංකා නම් ජංගම දුරකථන යෙදවුම හරහා මහජනතාවට කිසිදු මුදලක් අය නොවන පරිදි රථ වාහන වැරදි මෙන්ම රිය අනතුරු පිළිබද තොරතුරු පොලීසියට දැනුම් දීම සඳහා පහසුකම් සැලසෙනු ඇති.