අයහපත් කාලගුණයෙන් එක්ලක්ෂ පනස් දහසක් තවමත් අඳුරේ
Saturday, 15 May 2021 - 23:42 | Views - 293

අයහපත් කාලගුණයෙන් පවුල් 11,074 කට අයත් පුද්ගලයින් 42,252 කු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම දත්ත වාර්තාවට අනුව අයහපත් කාලගුණයෙන් සහ පැවති සුළං තත්ත්වයෙන් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 29,603ක්.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 6620ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2994 දෙනෙකු ද, මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1035ක් , කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1132ක් පීඩාවට පත්ව සිටිනවා.
මේ අතර දිවයිනට බලපා ඇති වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයින් එක්ලක්ෂ පනස් දහසකට පමණ විදුලිය විසන්ධි වී තිබෙනවා.
ඒ පිළිබඳව වාර්තාවී ඇති සිද්ධීන් ප්‍රමාණය 22,000 ක් පමණ බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.
බහුතරයක් සිද්ධීන් මාතර, ගාල්ල, කළුතර, මහනුවර, හලාවත සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් වාර්තාවී ඇති අතර, මේ වනවිට ඒවා යථා තත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ.
එමෙන්ම කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 100 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති අතර, හංවැල්ල, සීවලීවත්ත, ජයවීරගොඩ, වලව්වත්ත ආදී ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජලධාරිතාව ඉහළ යමින් පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.
Share This Article