හෙට සිට පිටකොටුව තොග වෙළඳපොලෙන් භාණ්ඩ මිලදී ගැනීමට තොග වෙළෙඳුන්ට අවසර (video)
Saturday, 15 May 2021 - 22:54 | Views - 281
දිවයින පුරා තොග වෙළඳුන්ට පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට (16) සිට අවසර ලබාදෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
පිටකොටුව තොග වෙළඳ පොලේ නිරීක්ෂණයකට අද (15) එක්වෙමින් ඔහු කියා සිටියේ තමන්ට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසරපත්‍රයක් ලබාගෙන තොග මිලදීගැනීම සඳහා පමණක් පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානය වෙත පැමිණිය හැකි බවයි.
Share This Article