කොරෝනා හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගයේ දොරටු 4ක් යළි විවෘත කරයි
Friday, 14 May 2021 - 16:49 | Views - 418
කොරෝනා අවදානම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් සහ පිටවීමේ දොරටු 4ක් යළි විවෘත කර තිබෙනවා.
කඩුවෙල පිවිසුමේ ඇතුළුවීමේ දොරටු දෙකක් සහ පිටවීමේ දොරටු දෙකක් මෙලෙස අද සිට යළි විවෘත කළ බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොතලාවල, වැලිපැන්න සහ ඉමදූව පිවිසුම් තවදුරටත් කොරෝනා අවදානම හේතුවෙන් වසා දමා තිබෙනවා.
Share This Article