පැනවුණු සංචරණ සීමාවෙන් - අසරණ වූණු වෙළඳපොල
Friday, 14 May 2021 - 11:35 | Views - 565
සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් ගැනුම්කරුවන් නොමැති නිසා මැනිං වෙළඳපොලේ වෙළඳුන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.

මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ සඳහන් කළේ අද අලුයම සිට ගොවීන් සහ වෙළඳුන් පැමිණ සිටියද එළවලු මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් පැමිණ නොමැති බවයි.

දිවයිනටම බලපැවැත්වෙන අයුරින් ලබන සඳුදා දක්වා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළද මැනිං වෙළඳපොල, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ඇතුලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා විවෘත කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයද  අද දින විවෘතව පැවතෙන අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගොවීන් මෙදින එළවළු කිලෝ ලක්ෂ හතරහමාරක් පහක් අතර ප්‍රමාණයක් ගෙනවිත් තිබූ බව ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළා.

එහෙත් දහවල් වන තුරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීමට කිසිවෙකුත් පැමිණ නැති බවයි ගොවීන් පවසන්නේ.

කඩිනමින් තම අස්වැන්න අලෙවි කරගැනීම සඳහා ක්‍රමවේදයක් සකසා දෙන්නැයි එළවළු ගොවියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.














Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top