රාමසාන් උපවාසය අවසන් කරමින් ඊද්- දුල් - ෆිතර් උත්සවය සැමරේ
Friday, 14 May 2021 - 11:09 | Views - 218
රාමසාන් උපවාසය අවසන් කරමින් ලොව පුරා විසිරී සිටින ඉස්ලාම් බැතිමතුන් සමඟ එක්ව ඊද්- දුල් - ෆිතර් උත්සවය ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාව ද අද සමරනවා.

මේ අතර, සාමය, සහෝදරත්වය ගොඩනගා ලොවට පෙන්වූ සංහිඳියාව සමස්ත ඉස්ලාමීය ලෝකයට පෙන්වූ ආදර්ශයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ රාමසාන් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

උස්පහත් භේදයකින් තොරව, රාමසාන් සමය ගත කර අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ආගමික චාරිත්‍රයක් වුවත්, එහි සමාජ අර්ථය වඩා වටිනා බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ.

වර්තමාන ලෝකයට මුහුණදීමට සිදුව ඇති කොරෝනා වසංගතයෙන් ලෝ වැසි ජනතාව නිදහස් කර දෙන්නැයි යන ප්‍රාර්ථනය මෙරට ඉස්ලාම් භක්තියන් තුල නිරන්තරයෙන් පවතිනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කරනවා.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය රාමසාන් දින පණිවුඩයෙන් ප්‍රකාශ කළේ ආගමානුකූල නිවැරදි ඉගැන්වීම් තුල ශික්ෂණය ලැබූ ඉස්ලාමීය ජනතාව මෙරට ජන සමාජය තුල අනෙකුත් ජාතීන් සහ ආගම් සමග අනf්‍යා්න්‍ය සුහදත්වයෙන් කටයුතු කළ බවයි.

එම විශ්වාසය පළුදු නොකර ඉදිරියට යාම සඳහා ඉස්ලාමීය ජනතාවට තිබෙන අවශ්‍යතාව රජය අවබෝධ කර ගෙන ඇති බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

උපවාස කාලයේදී සෞඛ්‍ය පිලිවෙත් සුරක්ෂිත කර ගනිමින් එක්රැස් නොවී නිවෙස්වල සිට ආගමික චාරිත්‍ර ඉටු කිරීමට වග බලා ගත් සියලු ඉස්ලාම් බැතිමතුන්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ප්‍රණාමය පුද කරනවා.

මේ අතර, රාමසාන් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත සහ ආරක්ෂාව උදෙසා අන් සියල්ලටම පෙර මනස පිරිසිදු කර ගත යුතු බවයි.

කොරෝනා තත්ත්වය හමුවේ සියලු මිනිස් වර්ගයාට සතුට සහ සැනසුම උදාවීම උදෙසා සියලු ශාස්තෘවරුන්ගේ නාමයෙන් අප ආයාචනා කළ යුතු බව ද ඔහු සඳහන් කරනවා.

ව්‍යසනකාරි සමය නිමා වන ලෙස ඉල්ලා ආගමික කටයුතු වල යෙදෙන ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රණාමය පුදකරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය රාමසාන් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top