අත්‍යවශය කටයුතු හැර අන් සියල්ල තහනම් - දිවයිනටම පැනවුණු සංචරණ සීමාව
Friday, 14 May 2021 - 8:16 | Views - 561

දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති මේ කාල සීමාව තුල අනවශ්‍ය සංචරණය සම්පූර්ණයෙන් තහනම් බව පොලීසිය පවසනවා.
ඊයේ රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා ජනතාව කටයුතු කළ යුතු ආකාරයයි එසේ දැක්වෙන්නේ.
ඒ අනුව, ඊයේ රාත්‍රී 11 න් පසු ඔසුසැල් හැරුණුවිට සියලු වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, කඩසාප්පු වසා තැබිය යුතුයි.
මෙම කාලසීමාව තුල වියළි ආහාර හෝ පිසූ ආහාර පාරිභෝගිකයන්ට නිවසට ගෙනවිත්දීමේ ඩිලිවරි සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවනවා.
පොලීසියේ අවසරය මත ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මැණිං වෙළඳපොල, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල මෙන්ම, සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන නමුත්, ඒ සඳහා ඇතුළු වීමට අවසර ඇත්තේ තොග වෙළඳුන්ට පමණක් බව ද ඊයේ සඳහන් වුණා.
අද ඇතුළුව ඉදිරි දින දෙක තුල විවාහ නැකැත් යෙදී ඇත්නම්, නිවසේ සිට විවාහ ලියාපදිංචිය සිදුකළ හැකි බව ද සඳහන් වුණා.
කෘෂිකාර්මික කටයුතු සඳහා අවසර හිමිවන අතර ගුවන්තොටුපල වෙත ගමන් කිරීමට ද අවකාශ සලසා තිබෙනවා.
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා පොලීසියේ 20,000 ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊයේ සඳහන් කළේ.
ජාතික හැඳුනුම්පතේ අංක අනුව ගමන් කිරීමේ ක්‍රමවේදය ඊයේ රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා අවලංගු වනවා.
ජල, විදුලි, වරාය, සන්නිවේදන, ජනමාධ්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා අවශ්‍ය වන සේවකයන් රාජකාරි කටයුතුවල යෙදවීමේ අවසරය ලබාදී ඇති අතර ඔවුන් රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුයි.
මේ අතර, ඊයේ රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව, සඳුදා උදෑසන සිට දැනට නියමිත කාර්යාල සහ අනෙකුත් සීමිත දුම්රිය ගමන් වාර යලි ක්‍රියාත්මක කෙරෙනු ඇති. බස් ධාවන කටයුතු ද ඊයේ රාත්‍රී 11 න් පසු සඳුදා උදෑසන දක්වා සිදුවන්නේ නැහැ.
Share This Article