තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා වෙයි
Tuesday, 11 May 2021 - 8:45 | Views - 4,473
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක ග්‍රාම නිලධාරී වසම් 06ක් අද (11) අලුයම සිට හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව  මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් බල ප්‍රදේශයේ උයන්වත්ත සහ උයන්වත්ත උතුර ග්‍රාම සේවා වසම් එලෙස හුදෙකලා කර ඇති අතර, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට පොලිස් බල ප්‍රදේශයේ උඩහපුවිද ග්‍රාම සේවා වසමද හුදෙකලා කෙරුණා.

මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව පොලිස් බල ප්‍රදේශයේ වල්ගම්පාය ග්‍රාම සේවා වසමේ තිබ්බුට්ටගම සහ වල්ගම්පාය වසමේ කොස්ගස්තැන්න ගම මෙලෙස හුදෙකලා කරන ප්‍රදේශවලට ඇතුළත්.

ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැද කිරිමැටියාන ග්‍රාම සේවා වසම අද (11) උදෑසන සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළා.

එමෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයේ නිකදළුපොත ග්‍රාම සේවා වසම අද (11) හුදෙකලාභාවයෙන් ඉවත් කෙරෙනවා.

අද දිනයේ හුදෙකලා කළ ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top