තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා වෙයි
Tuesday, 11 May 2021 - 8:45 | Views - 4,474
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක ග්‍රාම නිලධාරී වසම් 06ක් අද (11) අලුයම සිට හුදෙකලා කර තිබෙනවා.ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ මාතර පොලිස් බල ප්‍රදේශයේ උයන්වත්ත සහ උයන්වත්ත උතුර ග්‍රාම සේවා වසම් එලෙස හුදෙකලා කර ඇති අතර, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට පොලිස් බල ප්‍රදේශයේ උඩහපුවිද ග්‍රාම සේවා වසමද හුදෙකලා කෙරුණා.මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව පොලිස් බල ප්‍රදේශයේ වල්ගම්පාය ග්‍රාම සේවා වසමේ තිබ්බුට්ටගම සහ වල්ගම්පාය වසමේ කොස්ගස්තැන්න ගම මෙලෙස හුදෙකලා කරන ප්‍රදේශවලට ඇතුළත්.ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයේ මැද කිරිමැටියාන ග්‍රාම සේවා වසම අද (11) උදෑසන සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළා.එමෙන්ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයේ නිකදළුපොත ග්‍රාම සේවා වසම අද (11) හුදෙකලාභාවයෙන් ඉවත් කෙරෙනවා.අද දිනයේ හුදෙකලා කළ ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්.
Share This Article