දිස්ත්‍රික්ක කිහිපයක් වසා දමා කොවිඩ් පාලනයට පියවර ?
Monday, 10 May 2021 - 14:29 | Views - 14,220
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලට දැඩි සංචරණ සීමා පනවා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් තුන්වන රැල්ල පාලනය සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඊයේ (09) සවස ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී, පවතින කොවිඩ් තත්ත්වය යටතේ රට ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන්ගේද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත් වුණා.

එහිදී සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි අවධානය යොමුකර ඇති අතර එහිදී ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් වසා දමා බාධාවකින් තොරව දෛනික කටයුතු පවත්වා ගැනීම සම්බන්ධයෙන් ගැඹුරින් සකච්ඡාකර තිබෙනවා.

ගැබිණි මාතාවන් සේවයට කැඳවීමේදී ගත යුතු ක්‍රියාමාර්ග, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා නිවෙසටම ඖෂධ බෙදාහැරීමේ වැඩ පිළිවෙල නැවත ආරම්භකිරීම ආදී කාරණා සාකච්ඡාවී ඇත්තේ මෙම හමුවේදී යි.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සහ පාරිභෝගික ද්‍රව්‍ය අඛණ්ඩව කාර්යක්ෂමව ප්‍රාදේශීය මට්ටමින් ජනතාව වෙත බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරිමටද  මෙහිදී යෝජනා වී තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top