සැප්තැම්බර් වනවිට මෙරට කොවිඩ් මරණ දිනකට 200 ඉක්මවා වාර්තා විය හැකි බවට අනතුරු ඇඟවීමක්
Monday, 10 May 2021 - 9:30 | Views - 946
ජුනි මාසයේ සිට මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 200 ඉක්මවා යා හැකි බව ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සෞඛ්‍ය සමීක්ෂණ ආයතනයක් වන IHME ආයතනය පෙන්වා අනතුරු අඟවනවා.

එම ආයතනය විසින් සිදුකරන ලද ප්‍රක්ෂේපණ වාර්තා අනුව දැක්වෙන්නේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගතහොත් සැප්තැම්බර් මස වන විට මරණ 20,000ක් පමණ සීමාවකින් එය වළක්වා ගත හැකි බවයි.

කෙසේ වෙතත් තත්ත්වය මීට වඩා බරපතළ වුවහොත් එය මරණ 30,000 දක්වා ඉහළ යා හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

එමෙන්ම මෙම වාර්තාවන්ට අනුව පවතින තත්ත්වය අනුව ජුනි මස දෙවන සතිය වන විට දිනක දී වාර්තා විය හැකි මරණ සංඛ්‍යාව 244 ක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පවතින ව්‍යසනකාරී තත්ත්වය තවත්  බරපතළ වුවහොත් එය 350 සීමාව දක්වා ඉහළ යා හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

ඔවුන්ගේ ප්‍රක්ශේපන වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවට කොවිඩ් -19 වසංගතයෙන් බරපතළම බලපෑම ඇතිකරන්නෙ ජුනි මාසයේ දෙවැනි සහ තුන්වැනි සතිය අතරතුරයි.

IHME ආයතනය වාර්තා කරන ආකාරයට ජුනි මාසයේ දෙවැනි සහ තෙවැනි සතිය ඇතුළත මෙරට දෛනික මරණ සංඛ්‍යාව 265 සිට 307 දක්වා ඉහළ යා හැකියි.

ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය යටතේ ජූනි මාසයේ දෙවෙනි සහ දෙවැනි සතිය ඇතුලත මරණ දිනකට මරණ 250ක් 260 ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවයි.

කෙසේ වෙතත් පවතින තත්වය පාලනයෙන් ගිලිහී ගියහොත් එය දිනකට මරණ 307 සිට 355 දක්වා ඉහළ යා හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.

එමෙන්ම මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ජුනි මස පළමු සතිය අවසන් වන විට දැඩි සත්කාර ඇඳන් 3500 ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය බවත් රෝගී සත්කාර ඇඳන් 20700 ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙනවා.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top