දුම්රියේ ගිය කොරෝනාවෙන් - ආසාදිතයන් වාර්තා වෙයි
Saturday, 08 May 2021 - 7:35 | Views - 1,272
මේ වනවිට දුම්රිය ධාවනයේ ගැටලුවක් නිර්මාණය වීමට හේතුව දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට ද සිදුව ඇති බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ එය පාලනය කිරීම සඳහා නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව පොදු ප්‍රවාහනයේදී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු වනවා.  

කෙසේ වෙතත්, දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුල දුම්රිය මගීන්ට සිදුවූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට පටහැනිව දුම්රියේ ගමන් කිරීමටයි.

මේ අතර, කොරෝනා වසංගතය හමුවේ සේවා කටයුතු පවත්වාගෙන යාමට ප්‍රමාණවත් පහසුකම් ලබා නොදීමට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුව ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top