අද හුදෙකලා වන ප්‍රදේශ
Saturday, 08 May 2021 - 7:20 | Views - 1,425
දිස්ත්‍රික්ක 03 ක තවත් ග්‍රාම සේවා වසම් 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (08) මේ මොහොතේ සිට  හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ කෙරවලපිටිය, වත්තල, හේකිත්ත සහ පල්ලියවත්ත දකුණ ග්‍රාමසේවා වසම් හුදෙකලා කෙරෙන අතර, මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ කෙරඟ පොකුණ, ගල්උඩුපිට සහ මත්තුමගල ග්‍රාම සේවා වසම්ද හුදෙකලා කෙරෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාගොඩ දකුණ ග්‍රාම සේවා වසමේ විජිත මාවත මෙන්ම, කළුතර උතුර විද්‍යාසාර ග්‍රාමසේවා වසමේ බෝසිරිපුර කොටස සහ මහ වස්කඩුව උතුර ග්‍රාමසේවා වසමද හුදෙකලාවට ලක් කෙරෙනු ඇති.

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටදොලවත්ත බටහිර ග්‍රාමසේවා වසමේ කොරටුහේන ගමද හුදෙකලාවට ලක් කරන බවයි යුද හමුදාපතිවරයා නිවේදනය කළේ.

මීට අමතරව යාපනය කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයේ කොඩිකාමන් මධ්‍යම සහ කොඩිකාමන් උතුර ග්‍රාම සේවා වසම් හුදෙකලා කෙරෙනවා.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 08 ක් අද (08) උදෑසන පහේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපතිවරයා ඊයේ (07) රාත්‍රියේ නිවේදනය කළා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල බටහිර ග්‍රාම සේවා වසම සහ පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ නිවන්තිඩිය සහ මාම්පේ නැගෙනහිර ග්‍රාම සේවා වසම් හුදෙකලා කෙරුණා.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව පොලිස් බල ප්‍රදේශයේ කොග්ගල 01, කොග්ගල 02, මීගහගොඩ, මලියගොඩ සහ පියදිගම ග්‍රාම සේවා වසම් අද උදෑසන පහේ සිට හුදෙකලාවට ලක් කෙරුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top