කොවිඩ් ආසාදිතව මියගිය ගැබිණි මව ගැන වෛද්‍යවරයාගේ සංවේදී සටහන
Thursday, 06 May 2021 - 13:00 | Views - 6,838
ඊයේ කොවිඩ් ආසාදිතව මියගිය ගැබිණි මව ගැන ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ඔහුගේ මුහුණු පොතට සංවේදී සටහනක් එක්කර තිබුණා. ඒ සටහන පහතින් ..
 
Covid diary # Covid High Dependency Unit # 04.05.2021
වේලාව සවස 4.30ට පමන. Covid HDU එක තුල තවත් කාර්‍යබහුල වෙලාවකි.මාත් මාගේ මිත්‍රයාත් උදේ සිට රොගීන් සමග පොර බැද හෙම්බත්ව සිටියේය. අපේ nurses ලත් පැය ගනනක් ඇදි PPE ගලවා පැමිනියා පමනි. Ward registra HDU එක තුලට කඩා වැදුනේ pregnant අම්මා කෙනෙක්ට Bed එකක් විමසමින්. ඒ වන විටත් අපගේ Bed 6 ම රෝගීන්ගෙන් පිරි ඇත. සියලු දෙනාම ජීවිතයත් මරනයත් අතර සටනකය. සමහරු Ventilator වලය. සමහරු CPAP වලය. උපරිම ප්‍රමානයෙන් ඔක්සිජන් deliver කරමින් ඇත. HDU එක තුල වූ සියලුම Syringe Pump රෝගින්ට සවිකර ඇත. කිසිම අයෙකු සෙලවිය හැකි තත්වයක සිටියේ නැත. නමුත් ඉල්ලීම තුල ජීවිත දෙකකි. අපි දෙදෙනට වෙන කල හැක්කක් නැත. තරමක් හෝ stable ව සිටිය patientව විගසින් වාට්ටුවකට මරු කර Bed එකක් සූදනම් කර ගත්තේය. සවස 6.30ට පමන මිනුවන්ගොඩින් transer එක පැමිනියේය. ඇය වයස 45ක පමන තෙමස් මවකි. එයද ඇයගෙ පලමු දරුවා වීමද විශේශත්වයකි.ඇය HDU එක තුලට ඇතුලුවත්ම කෑගසා ඉල්ලා සිටියේ ඇයව බේරා දෙන ලෙසය. ඇය ඉත අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියේය. කඩිනම් වූ අප කර්‍යමන්ඩලය විගස ඇයව bed එකට දමා monitor වලට සවිකරගත්හ. CPAP එක සූදනම් විය.අමාරු වූ හුස්ම අතරින් ඇය මල්ලෙන් phone එක ඇද call එකක් ගන්නට දැගලිය. බෝහොවිට තමාගේ ස්වමියාට විය හැක. Bed එකට දමා ගත වූයෙ තප්පර කිහිපයකි. කිසිවක් කිරිමටවත් ඉඩ නොතබා ඇය arrest විය. මාගේ යලුවා තප්පර ගන්නකදි PPE එකට බැස ඇය ලගට දිව ගියහ. PPE එක සම්පූර්නයෙන් ඇන්දාද කියලවත් සිහි නැත. සියලුම හෙදියන් සමග ඔහු resuscitation පටන් ගන්නා අතර තුර මා Regista, SR, Med Team සියල්ලන් කැදවිය. විනාඩි 45 පමන අප දන්න සියලු ශිලප කලෙමු. නමුත් ජිවිතේ අනිත්‍යබවත්, covid pneumoniyaවේ දරුනු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැති විය. සියලු දෙනා විනාඩි කිහිපයක් නිරුත්තර විය. හෙදියන්ගේ විඩාබර මුහුනු දිගේ කදුලූ කැට වැටුනි.
මෙය තවත් එක අවසනාවන්ත එක සිදුවීමක් පමනි. අපගේ දාරිතාවන් ඉක්මවා යමින් ඇත. සියලුම සෞක්‍ය සේවකයන් හෙම්බත්ව ඇත. ඔවුන් , ඔවුන්ගේ උපරිමය කරමින් ඇත.
මහජනතාව තමන්ගේ ආරක්ශව ගැන මීට වඩා සිතිය යුතුව ඇත. එසේ නොමැතිනම් අපිටද තව නෝබෝ දිනකින් උරුම වනුවේ India වට වූ දේම බව මතක තබා ගන්නේන්ම් මැනවි.
සටහන - වෛද්‍ය තරිදු C පෙරේරා
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top