ඩ්‍රෝන තාක්ෂණයෙන් අවම වන කොළඹ මාර්ග තදබදය
Thursday, 06 May 2021 - 9:11 | Views - 462
 කොළඹ නගරයේ පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා ඩ්‍රෝන යාත්‍රා භාවිත කරමින් නව රථවාහන වැඩපිළිවෙළක් දියත් කිරීමට පොලිස් රථවාහන ඒකකය  කටයුතු කර තිබෙනවා.
 
 මේ සඳහා වන නියමු ව්‍යාපෘතිය අද උදෑසන කොළඹ තෝරාගත් ස්ථාන කිහිපයක දී ආරම්භ කෙරුණා .
 
 මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යාත්‍රා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සහයද ලබාගෙන තිබෙනවා.
 
 මෙහි විශේෂත්වය වන්නේ ජංගම මෙහෙයුම් මැදිරි උපයෝගී කරගෙන මාර්ග තදබදය අධික අවස්ථාවල දී ඩ්‍රෝන යාත්‍රා භාවිත කරමින් මාර්ග තදබදය පවතින ස්ථාන නිරීක්ෂණය කරමින් ඒවා අවම කිරීමට පියවර ගැනීමයි.
 
  අද දිනයේ දී කොළඹ හයිලෙවල් මාර්ගය ආශ්‍රිතව සිදුකෙරුණු මෙම මෙහෙයුම ඉදිරියේදී පාර්ලිමේන්තු මාර්ගය මීගමු මාර්ගය වැනි ප්‍රධාන මාර්ග වලදීද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියා .
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top