කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා කොරෝනා වෛරසය සඳහා නිපද වූ පැණිය සායනික පරීක්ෂාවෙන් අසමත් වී තිබෙනවා.
ඔහු විසින් නිපද වූ පැණිය පිළිබද සායනික පරීක්ෂණ පැවැත්වීම සඳහා රජරට සරසවියේ ආචාර ධර්ම කමිටුව වෙත මීට පෙර යොමු කර තිබුණා.
ඒ අනුවයි එම සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුත් කමිටුව විසින් සිදුකරන ලද සායනික පරීක්ෂාවේදී අදාළ පැණිය අසමත් වී ඇත්තේ.
මීට අමතරව අදාළ පැණිය කිසිදු අයුරකින් කොරෝනා වෛරසය සඳහා සුදුසු නොවන බවට ද තහවුරු වී තිබෙනවා.