අද හුදෙකලා කළ ප්‍රදේශ
Wednesday, 05 May 2021 - 8:33 | Views - 248
දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරී වසම් 12 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (05) මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.
 
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ පමුණුව ග්‍රාම නිලධාරී වසමත්, පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හොන්නන්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසමුත් මෙලෙස හුදෙකලා කර ඇති බවයි.
 
ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසමද මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.
 
ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ පල්ලෙගම, උඩගම සහ නව නගරය යන ග්‍රාම නිලධාරී වසම් තුනත්, පනාමුර පොලිස් වසමේ වළල්ගොඩ, සුදුගල සහ පනාමුර, යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම  වේවැල්වත්ත පොලිස් බල ප්‍රදේශයේ රත්ගම ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා කර තිබෙනවා.
 
වවුනියාව දිස්ත්‍රික්කයේ පූවරාසම්කුලම් පොලිස් ප්‍රදේශයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරි වසමද හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top