රජය පිළිගත් - තෙවන රැල්ල
Tuesday, 04 May 2021 - 10:46 | Views - 614
මේ වනවිට රට පුරා සිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වයේ තෙවෙනි රැල්ලත් සමඟ සිදුකෙරෙන PCR පරීක්ෂණ ඉල්ලුම දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට දිනකට PCR පරීක්ෂණ 20,000 පමණ සිදුකෙරෙන අතර එය තව දුරටත් ඉහළයාමේ ප්රවනතාවක් පෙන්නුම් කරනු ලබනවා.
මෙසේ ඉහළ යන PCR පරීක්ෂණ ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය කරන PCR පරීක්ෂණ කට්ටල ඇතුළු අනෙකුත් උපාංග කඩිනමින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවලියට අනුමැතිය හිමිව තිබෙනවා.
Share This Article