ව්‍යාජ වූ දහසේ නෝට්ටුව
Tuesday, 04 May 2021 - 9:06 | Views - 439
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 815ක් සමඟ සැකකරුවෙකු කිලිනොච්චිය පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිසිය පැවසුවේ ව්‍යාජ මුදල් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.කිලිනොච්චිය, ශාන්තපුරම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.සැකකරු සතුව තිබී ව්‍යාජ මුදල් රුපියල් 815,000ක් මෙලෙස සොයා ගැනුණා.මෙලෙස ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ආකාරය හා ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් සිටින්නේදැයි සොයා පරීක්ෂණ කිලිනොච්චිය පොලිසිය විසින් සිදුකරනවා.
Share This Article