හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අධි චෝදනා
Monday, 03 May 2021 - 15:47 | Views - 180
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, චෝදනා 800ක් යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනාට වෙන වෙනම අධි චෝදනා ගොනු කර තිබෙනවා.
මෙහිදි මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම සහ ඔවුන්ගේ බරපතල නොසලකා හැරීම් හමුවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවීම වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් චෝදනා නගා තිබෙනවා.
මෙම චෝදනා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.
Share This Article