1500ක් දෙනා අවදානමේ දැමූ සරසවියට පැමිණි කොරෝනා
Monday, 03 May 2021 - 15:01 | Views - 490
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට කෝවිඩි 19 වෛරස ආසාදනය වී ඇති බව ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.
 
බලංගොඩ මූලික රෝහලේ දී ඊයේ (02) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී එම සිසුන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
 
මේ හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ විභාග සඳහා පැමිණ සිටි සිසුන් 1500කට අධික පිරිසක් අද (039 පස්වරුවේ පිටත්කර යවා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
 
එහිදී විශ්ව විද්‍යාල සිසුන් පවසා සිටින්නේ කිසිඳු ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව මෙලෙස සිසුන් පිටත්කර යැවීම හේතුවෙන් විශ්ව විද්‍යාල කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ අවස්ථාව ඇති බවයි.
 
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ සේවකයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට අද (03) තහවුරු වී තිබෙනවා.
 
මේ හේතුවෙන් ඔහුගේ පළමු ආශ්‍රිතයින් ලෙස හදුනාගත් එම ඩිපෝවේ සේවකයින් 22 දෙදෙනකු ස්වයං නිරෝධායනයට යෙමු කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පැවසුවේ.
 
ඊට අමතරව රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top