කෝලි ප්‍රමුඛ RCB පිල කොවිඩ් නිසා වෙනස් වෙයි
Monday, 03 May 2021 - 10:36 | Views - 1,137
ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාව මේ වනවිට දැඩි ලෙස පීඩාවට පත්ව සිටින රටක්.
සීඝ්‍ර ලෙස කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් මේ වනවිටත් එරට රෝහල් පද්ධතිය කඩා වැටී තිබෙනවා.
ඊයේ දිනය තුල ඉන්දියාවෙන් නව ආසාදිතයින් 370,059ක් වාර්තා වී ඇති අතර මරණ 3,422ක් වාර්තා වනවා.
මෙම තත්ත්වය හමුවේ වුවද තවමත් ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය පවත්වාගෙන යාමට තරඟ සංවිධායකයින් කටයුතු කිරීමද විශේෂත්වයක්.
කෙසේ වෙතත් පවතින මෙම තත්ත්වය තුල තරඟාවලි නොනවත්වා පවතවාගෙන යාම හේතුවෙන් ඊට දැඩි විරෝධයක් ද ඉන්දියාව තුළින්ම එල්ලවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ඉන්දීය කොවිඩ් අරමුදලට ආධාර ලබාදීමේ අරමුණින් විශේෂිත වූ නිල් පැහැති ඇඳුමකින් සැරසී අයි.පී.එල් තරඟාවලියේ ඉදිරි තරඟයක් සඳහා එක්වීමට විරාත් කෝලි ප්‍රමුඛ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණයකර තිබෙනවා.
එරට මතුව ඇති උග්‍ර ඔක්සිජන් හිඟයට සහ සෞඛ්‍ය පහසුකම් නඟා සිටුවීමට ඔවුන් සිදුකරන මෙම කටයුත්තට මේ වනවිය ලොව පුරා බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාව හිමිව තිබීම විශේෂත්වයක්.
Share This Article