සීමා පැනවුණු සංචරණය
Saturday, 01 May 2021 - 23:46 | Views - 376
කොළඹ, ගම්පහ, කළුතර, ත්‍රිකුණාමලය, මොණරාගල, අම්පාර, මාතලේ, ගාල්ල, කුරුණෑගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් සියයකට අධික සංඛ්‍යාවක් මේ වනවිට හුදෙකලා කර තිබෙනවා.
මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවල සංචරණ සීමා දැඩි කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.
එමෙන්ම දිවයින පුරා පාසල් ලබන 7 වනදා දක්වා තවදුරටත් වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම රජයේ තීරණයට අනුව සියළු කතෝලික පාසල් සහ ඇන්ග්ලිකන් පාසල් ද 7 වනදා දක්වා වසා තැබෙනවා. පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ දහම් පාසල්ද දින නියමයක් නොමැතිව වසාදැමීමටයි පියවර ගැනුණේ.
Share This Article