වැඩිවන ආසාදිතයින් මැද - මුල්ලේරියාවේ ධාරිතාව උපරිම මට්ටමට
Friday, 30 April 2021 - 16:25 | Views - 488

නැගෙනහිර කොළඹ මූලික රෝහල වන මුල්ලේරියාව රෝහලේ දැනට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ උපරිම ධාරිතාවයේ මට්ටමට පැමිණ ඇති බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පවසනවා.
රෝහල තුල කිසිදු ආකාරයක ඔක්සිජන් හිඟයක් නොමැති බවයි රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේ.
නැගෙනහිර කොළඹ මූලික රෝහල වන මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩල වෙත covid එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීම අද ආරම්භ කෙරුණා.
එම අවස්ථාවට එක් වෙමිනුයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මේ බව කියාසිටියේ.
රෝහලේ කාර්ය මණ්ඩල සඳහා එන්නතේ දෙවැනි මාත්‍රා 600ක් පමණ ලබාදීමට කටයුතු ආරම්භ කර තිබෙනවා.
එම රෝහලේ දැනට ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති covid රෝගීන්ගේ ධාරිතාවය උපරිම මට්ටමක ඇති බව ද රෝහල් අධ්යක්ෂවරයා කියසිටියා.
රෝගීන් වර්ගීකරණයකට ලක් කරමින් සුදුසු ආකාරයෙන් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර ඒ අනුව රෝගීන් වෙනත් පරිශ්‍රයන් වෙත යොමු කර ගැනීමේ කටයුතු පිළිබඳව ද අවධානය යොමු කර ඇති බවයි ඔහු මෙහි දී ප්‍රකාශ කළේ.
මුල්ලේරියාව රෝහල තුල කිසිම ආකාරයක ඔක්සිජන් හිඟයක් නොමැති අතර එම ධාරිතාව වැඩිකර ගැනීම සඳහා ඉදිරියේ දී සියලු පියවර ගන්නා බවද විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න කියාසිටියා.
Share This Article