කොරෝනා අවදානමේ අහසින් පැමිණි පාර්සලය
Friday, 30 April 2021 - 11:41 | Views - 523
ගාල්ල බන්ධනාගාරයේ සීමා තාප්පයට ඉහළින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් බන්ධනාගාර රාත්‍රී සේවා මුරයේ සිටි නිළධාරින්ට හමුවී තිබෙනවා.අදාළ පාර්සලය පරික්ෂා කිරීමේදී එතුළ තිබී ජංගම දුරකථන 02 ක්, කුඩා ප්‍රමාණයේ මත් පෙති බවට සැක කළ හැකි පෙති 200ක් සහිත පැකට් 02ක්, හෙරොයින් යැයි සැක සහිත පැකට් 02ක් සහ දුම්කොළ 10ක් සොයා ගත්තා.මෙම පාර්සලය බන්ධනාගාරය තුළට වීසි කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැහැ.සිද්ධිය සම්බන්දයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කිරීම සඳහා සොයා ගත් පාර්සලය සහ එහි අඩංගු බඩු භාණ්ඩ ගාල්ල මුලස්ථාන පොලිසිය වෙත භාර දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක පවසනවා.
Share This Article