පාසැල් සිසුවා , සිසුවිය පැහැරගෙන
Friday, 30 April 2021 - 10:16 | Views - 1,115
මුලතිව් ප‍්‍රදේශයේ වයස අවුරුදු 12 ක පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයස 18 ක පාසල් සිසුවකු පෙරේදා (28) දා මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
 මේ දෙදෙනාම පාසල් පෙම්වතුන් වන අතර එම සම්බන්ධය ශිෂ්‍යාවගේ නිවසට ආරංචි වීම නිසා ශිෂ්‍යාවට දෙමව්පියන් පහර දී තරයේ අවවාද කොට තිබුණා.
 
 ඒ බව දැනගත් පාසල් ශිෂ්‍යයා, ශිෂ්‍යාවගේ නිවසේ කිසිවකු නොමැති අවස්ථාවක පැමිණ ශිෂ්‍යාව පැහැර ගෙන ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.
 
 මේ සම්බන්ධයෙන් ශිෂ්‍යාවගේ දෙමව්පියන් මුලතිව් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැක කටයුතු සිසුවා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.
 
 පොලිසිය විසින් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇයගෙන් ප‍්‍රකාශයක්ද සටහන් කරගෙන තිබෙනවා.
 
 
උපුටා ගැනීම - දිවයින 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top