ආසාදිත වීමෙන් අහිමි වූ නවාතැන
Friday, 30 April 2021 - 9:50 | Views - 366
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග තමන් තාවකාලිකව නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් හතරදෙනෙකු ඉවත් කිරීමේ පුවතක් ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මේ හේතුවෙන් අසරණ වූ එම සිව්දෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
පෞද්ගලික ආයතනයක සේවය කරන මෙම සිව්දෙනා ගම්පහ නගරයේ අසරණව ත්‍රීරෝද රථයක රැඳී සිටින බවට ගම්පහ නගරාධිපති එරංග සේනානායකට දුරකතන ඇමතුමක් ලැබී තිබුණා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ තමන් ඔවුන්ව රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි ගම්පහ නගරාධිපතිවරයා කියා සිටියේ.
Share This Article