ආසාදිතයන් සොයා බටහිරින් ඇරඹුණු මෙහෙයුම
Thursday, 29 April 2021 - 15:38 | Views - 642
කොරෝනා වෛරසය පළාත් සහ ප්‍රදේශ අතර ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 12 කදී අද දහවල් දොලහේ සිට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට පොලිසිය පියවර ගත්තා.
එසේම, දිවයින පුරා සිදුකළ වැටලීමකදී සෞඛ්යාරක්ෂිත නොවන අයුරින් මගීන් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ 1200 කට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ සිදුකළ මෙම වැටලීමේදී ත්‍රීරෝද රථ 6110 ක් පරීක්ෂාවට ලක් කළ බවයි.
Share This Article