රියදුරුගේ හදිසි රෝගාතුර වීමෙන් ප්රපාතයට ගිය රථය
Thursday, 29 April 2021 - 14:04 | Views - 1,065
නුවරඑලිය හයිෆොරස්ට් ප්රදේශයේ සිට රාගල නගරය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 15 දෙනෙකු පමණ නුවරඑළිය මහ රෝහලට සහ හයිෆොරස්ට් ප්රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම අනතුර සිදු වි ඇත්තේ හයිෆොරස්ට් රාගල ප්රධාන මාර්ගයේ මහතුඩුගල ප්රදේශයේයි.රෝහල් ගත කළ තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන රාගල පොලිසිය කියා සිටියේ.බස් රථය ධාවනය කළ රියදුරාට හදිසියේ ඇති වු අසනිප තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.අනතුරෙන් බස් රථයට දැඩි අලාභ හානි ද සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article