කොවිඩ් ප්‍රතිකාර සඳහා සැරසෙන සංචාරක හෝටල්
Thursday, 29 April 2021 - 11:29 | Views - 649
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැතිවේයැයි අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලීමක් කරනවා.
ඔහු කියා සිටියේ මේ වනවිටත් රෝහල් පද්ධතිය තුළ අවශ්‍ය ධාරිතාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි.
අවශ්‍ය වුවහොත් හමුදාවට අයත් ගොඩනැගිලි ඒ සඳහා යොදාගැනීමට තීරණය කර ඇති අතර, තවදුරටත් පහසුකම් අවශ්‍ය වන්නේ නම් සංචාරක හෝටල් ඒ සඳහා යොදාගැනීමට වුවද පියවර ගන්නා බව යුද හමුදාපතිවරයා කියා සිටියා.
Share This Article